Saturday, February 2, 2013

ලංගම නංවන්න ගොස් බස් නැතුව පයින් ඇවිත්

වේලාව උදේ අටට පමණය. බසයක් පැමිණෙන තුරු බස් නැවතුමකට වී බලා සිටි මගියෙකි. ටික වේලාවකින් පෞද්ගලික මගී ප‍්‍රවාහන සේවයට අයත් බසයක් පැමිණියත් පෙරකී මගියා එයට ගොඩවූයේ නැත. ඔහුගේ අධිෂ්ඨානය වූයේ නව වසරේ සිටවත් ලංගම බසයක ගමන් කර, එය වැටී ඇති ප‍්‍රපාතයෙන් ගොඩ ගැනීම සඳහා දශමයකින් හෝ දායක වීමය. විනාඩි විස්සකින් පමණ නැවතත් පෞද්ගලික බසයක්

තරහකාරයන්ගේ පෝස්ටරයට සභාපතිට තරුපෙනිලා


සංගමයකින් ඉවත් වූ පිරිසක් එහි සභාපතිට හොරෙන් ඔහුගේ දුරකථන අංකය යොදා නොමිලේ පාසල් පොත් ගන්න එන්න යැයි කියමින් ගම් පුරා පෝස්ටර් ඇලවීම නිසා සභාපති දැඩි දුෂ්කරතාවට පත්වූ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි.
ගමේ ප‍්‍රසිද්ධ තැන්වල නොමිලයේ

බසයේ දමාගිය කේක් ගෙඩිය කෑවාට වන්දි ගෙවන්න වෙලා

බසයක අමතක වී ගිය කේක් ගෙඩියක් කපාගෙන කෑ බස් රථ රියදුරු, කොන්දොස්තර ඇතුළු පිරිසකට කේක් ගෙඩියේ හිමිකාරියට වන්දි ගෙවන්නට සිදුවීමේ පුවතක් ගම්පහ බස්පොළෙන් වාර්තාවේ.
සිද්ධිය සැකෙවින් මෙසේය.
ප‍්‍රසිද්ධ නගරයක සිට ගම්පහ බලා දිවෙන බසයකට කේක් ගෙඩියක් අතින් ගත් කාන්තාවක  ගොඩවූවාය.
බසය මගීන්ගෙන් පිරී පැවති බැවින් ඇය අසුනක වාඩි වී සිටි සිසුවියකට කේක්

Friday, February 1, 2013

රට ගිය පියවතීගේ දුරකථනය ගමක්ම කළඹලා

පැරණි ජන සමාජයේ  කයි කතාන්දර  ඕපාදූප බහුලව පැවති බවට පැරණි  පොත පත එළිදරව් කරයි. වාර්තමානයේ තාක්‍ෂණය දියුණු  නිසා දුර ඈත පළාතකට පවා  ඕපාදූප පැතිරවීමට පහසුකම් සැලසී ඇත.
නගරයෙන් ඈත් වූ පුංචි ගම්මානයක වෙසෙන සිරිමල් අයියා ගමේ සිදුවෙන   ඕනෑම සිද්ධියක් එක දෙක කර කියා පෑමට දක්‍ෂයෙකි. එහි ඵල විපාක හෝ, යහපත අයහපත ගැන කිසිසේත්ම නොදන්නා සිරිමල් වැඩිපුර කාන්තාවන් සමග  කතාබහට කැමැත්තක් දක්වයි.
 ගමේ කෙල්ලන් කොල්ලන් අතර පවතින   රහස් කතා සොයා යාමට සිරිමල් දක්‍ෂයෙකි. සමහරු සිරිමල් අයියා හමු වී සමහර රහස් දේ හාර  හාරා විමසා අපූරු වින්දනයක් ද විඳ ගනිති. ඔහු රසකර කියයි.

හිරිවැටෙන බේත් විදගෙන ගෙදර ඇවිත්


උඩු ඇන්දේ වේදනාව දැඩිය. එනිසාම යටි ඇන්දේ වේදනාව ඊට වැඩිය. මේ සියල්ලටම හේතුව දතකි. කුරුඳු තෙල් වේදනා නාශක සහ කෙම් ක‍්‍රම රැසකින් පසුව ද සහනයක් නොමැති තැන දත ගැලවීමට ඔහු තීරණය කළේය.
ආණ්ඩුවේ ඉස්පිරිතාලවලින් දත් ගලවන්න එපා...! කෑලි හිටිනවා. අයෙක් ඔහු නොමඟ යවා තිබිණි.

පිට රට ආව මම​

ඔයාලටත් මෙහෙම වෙල තියෙනවද?


කඩෙන් බඩු ගන්න ඇවිත් ගෝවා ගෙඩියකුත් සොරාගෙන

ගල්වළක වැඩ කරන කම්කරුවන් දෙදෙනෙක් උයන පිහන දේ ගන්නට ගමේ කඩයකට පැමිණියහ.
හාල් කිලෝවක් සීනි දෙසිය පනහක් පරිප්පු සීයක් මිලට ගත් මොවුන් දෙදෙනා කඩයෙන් පිටතට ආවේ ඉක්මනින් ගල්වළට යා ගන්නටය.
 මොවුන්ගෙන් එක් අයකුගේ සාක්කුවක් ඉදිමී පිම්බී තිබෙණු කඬේ බංකුවක වාඩිවී සිටියකු දුටුවේය.
ඔහු මුදලාලිට කීවේ මොහුගේ සාක්කුව බර වැඩි බවකි.

සුපිරි වෙළෙඳ සලෙන් ගත් වට්ටක්කා කිලෝවට රු. 6400 ක් ගෙවලා


වට්ටක්කා කිලෝව කිලෝ අනූ එකක් ලෙස සටහන් කර ඊට රුපියල් හයදහස් හාරසීයක මුදලක් අය කර ගැනීමේ සිද්ධියක් ඉකුත් සෙනසුරාදා (26) පස්වරුවේ පිළියන්දල නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙළෙඳසලකින් වාර්තාවේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ජනවාරි මාසය සඳහා වැටුප ලැබීමෙන් පසු එළැඹෙන ඉදිරි මාසය සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගැනිමට පැමිණි පුද්ගලයකු එම ද්‍රව්‍ය මිලදී ගැනීමෙන් පසු මුදල් ගෙවා ඇත.

කඩේ ධාන්‍ය අමුවෙන් කන පාරිභෝගිකයාට පාඩමක්

තම සිල්ලර බඩු සාප්පුවට පැමිණ අශෝභන ලෙස හැසිරෙන පාරිභෝගිකයකුට අපූරු දඬුවමක් දුන් මුදලාලි කෙනකු පිළිබඳ පුවතක් අසන්නට ලැබුණේ මැණික්වලට ප‍්‍රකට ප‍්‍රදේශයකිනි.
මේ පාරිභෝගිකයාගේ අශෝභන ක‍්‍රියාව වූයේ බඩු වට්ටෝරුවක් ඉදිරිපත් කොට එය කිරා දෙනතුරු අසලවූ පරිප්පු, මුංඇට, කඩල ගෝනි අසල රැඳී සිට එයින් ඇටයෙන් ඇටය කටට දමා සැපීමයි. මින් විශාල හානියක් නොවුණත් මුදලාලි මෙය රිස්සුවේ නැත.

ටයි දාන්න ආශාවෙන් ලිපිකරු රැකියාව දමා පාරට බැහැලා

වා සැකැසූ සුවපහසු කාර්යාලයක ඉහළ වැටුපකට ලිපිකරුවකු වශයෙන් පැමිණි තරුණයකුට එම රැුකියාව සඳහා ටයිපටියක් පැළඳීමට අවස්ථාව නොලැබුණ බැවින් ඊට පහළ වැටුපකට ටයි පටියක් පැළඳ එම ආයතනයේම ඇවිදින රැුකියාවක් තෝරා ගැනීමේ අපූරු පුවතක් මහනුවර ප‍්‍රදේශයේ පුද්ගලික ආයතනයකින් වාර්තාවේ.
සිද්ධිය සැකවින් මෙසේයි.
මහනුවර ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ලිපිකරු සේවය සඳහා තුරුණු වියේ පුද්ගලයෙක් පැමිණියේය. දින දෙක තුනක් ඔහු එම ආයතනයේ සේවය කරන අතරතුර ඔහු කිසියම් මානසික අසහනයකින් පෙළෙන බව ආයතන ප‍්‍රධානියාට දැනීගියත් ඔහු ඒ පිළිබඳව කිසිවක් නොඅසා සිටීමට වග බලා ගත්තේය.