Monday, February 4, 2013

නව වසරට සුබ පතද්දී බෝතලෙන් පහරදීලා

පසුගිය දෙසැම්බර් 31දා නේවාසිකාගාරයක සිටිනා මිතුරන් දෙදෙනක් සාදයකට සහභාගි වී කල්තියා නේවාසිකාගාරයට පැමිණියහ.
පසු දින ජනවාරි පළමු වැනිදා බැවින් නියමිත වේලාවට සේවා ස්ථානයට යෑම ඔවුන්ගේ අභිමතය විය. රාත‍්‍රි දොළහට නව වසර උදාවීමත් සමගම සතර අතින් රතිඤ්ඤා හඬ ඇසෙන්නට වූ අතර, එක් මිතුරෙක් අවදි වී වේලාව බැලූ විට ජනවාරි 1දා උදාවී ඇති බව දැක ගන්නට ලැබිණි. වහා තම මිතුරාට සුබ පැතීම සඳහා ඔහු අවදි කරමින්, ”මචං නැගිටපන්

නැගිටපන්” යැයි ශබ්ද නගමින් ඇෙඟන් අල්ලා සෙලවීය. බිය වී කෑ ගසාගෙන අවදි වූ මිතුරා මේසය මත තිබූ වතුර බෝතලෙන් අනෙක් මිතුරාට දමා ගැසීය. වතුර බෝතලය මුහුණට වැදී සුබ පැතීමට පැමිණි මිතුරා එතනින් ඉවතට පැන්නේය. වහා පියවි සිහිය ලැබූ මිතුරා පැවසුවේ ”අනේ වෙරි සොරි මචන්. මට කට්ටියක් වට කරලා ගහනවා හීනෙන් දැක්කා. උඹ මා ඇහැරවද්දී හිතුවේ මට ගහපු කෙනෙක් කියලා” කනගාටුවෙන් කීය. එවිට පහර කෑ මිතුරා, බෝතල් පාරට ”මූණ ගෙඩි ගැහිලා. හා හා කමක් නැහැ උඹට සුබ අලූත් අවුරුද්දක් වේවා” යැයි ප‍්‍රාර්ථනා කළේය.