Wednesday, November 5, 2014

තහනම් ගහේ ගෙඩි කෑ සැමියාට බිරියගෙන් අපූරු පාඩමක්



වෙනත් තරුණියක සමඟ පැන ගිය සැමියා තමාට පෙනෙන්නට ගෙවල් ළඟ පාරේ වැඩ කිරීමට ආ විට සැමියා නැතිවුවද තමා සතුටින් සිටින බව දැන්වීමට කැසට් යන්ත‍්‍රය මහා ශබ්දයෙන් දමා සාලයේ නැටුමක් නැටූ බිරියක් ගැන දකුණු පළාතේ ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි.
මෙම සැමියා දරුවකු සිටින බිරිය අතහැර ගොස් දැනට වසරක් පමණ වෙයි. ඔහු පදිංචි වී සිටින්නේ අල්ලපු ගමේය. තමාගේ පන්තියේ එකට ඉගෙන ගත් මිතුරියක සමඟ පැන ගිය සැමියා ඇයට පෙනෙන්නට පැමිණ නොසිටියේය. 
මීට සතියකට පමණ ඉහත දී ඔහු බිරියගේ ගෙවල් පාරේ වැඩ බිමක වැඩ කරමින් සිටිනු බිරිය දුටුවාය. ඔහු ගණනක් නැතිව ගේ ළඟටම ආවේ තමාට පෙනෙන්නට බව සිතූ බිරිය සාලයේ තිබූ කැසට් රෙකෝඩරයට අලූත් සින්දු තැටියක් දමා සැමියාට ඇහෙන්නට හඬ වැඩි කර තිබේ. සාලයේ එහෙට මෙහෙට නටමින් ඇය සතුටින් සිටින බවද ඇඟවූවාය. එය දුටු සැමියා හෙමිහිට රූටා ගොස් තිබේ.