Monday, February 4, 2013

ලෙඩවී රෝහලේ නැවතුණු රෝගියාගේ උණුවතුර බෝතලයේ අරක්කු

ඔහු බස්නාහිර පළාතේ ප‍්‍රකට උපකාරක පන්ති ගුරුවරයෙකි. කාටත් හොරෙන් මධුවිත තොලගෑ ඔහුට පසුකලෙක එය නැතිවම බැරිවිය.
පදම ඉක්මවා යාම නිසා පසුගියදා අක්මාවේ ආබාධයක් ඇතිව රෝහල් ගතවිය. උදවුවට ළඟ සිටියේ හිතවත්ම යහළුවෙකි.
රෝගියාගේ වුවමනා ඉටුකිරීමට බිරිය ආවේ පොඩි දුවද සමඟය. මොහොතකට පසුව රෝගියා යහළුවා සමඟ වැසිකිළියට ගියේය.


පොඩිදුව පිපාසිතව බොන්නට යමක් ඉල්ලූවෙන් වට පිට බැලූ මව රෝගියාගේ ඇඳ අසල වූ උණු වතුර බෝතලය දැක එය රැගෙන විවෘත කොට කෝප්පයට වත් කළේ දුවට දීමටය.
ඉන් අමුතු ගඳක් ආවේය. ඉව ඇල්ලූ ඇයට තරුපෙණින. එහි වූයේ මත් වතුරය.
උණු වතුර බෝතලයත් රැගෙන වැසිකිළියට දිව ගිය ඇය යහළුවාට හා රෝගියාට සැර වචන දෙක තුනක් කියා මත් වතුර බෝතලයම කැසිකිළි බේසමට හැලූවාලූ.