
උත්සවය මහ ඉහළින් පැවැත්විය. සති දෙක තුනක් ගියත් අයවැය ඉදිරිපත් නොකිරීම ගැන සැකයට පත් ආයතන ප‍්‍රධානියා එහි සංවිධායකවරු කැඳවීය.
‘‘වැඬේ මහ ඉහළින් තිබුණනේ. කෝ අය වැය හැදුවාද අපටත් සියයට දහයක් දෙන ගිවිසුමක් තියෙනවනෙ’’ ආයතන ප‍්‍රධානියා කීය. ‘‘සර් හම්බවෙන්න හිතාගෙන තමයි හිටියේ. මේකෙ සංවිධාන වැඩවලට රුපියල් ලක්‍ෂ තුනක් විතර ගියා.
ආදායම ලක්‍ෂ දෙක හමාරයි. හිඟ. රුපියල් පනස්දාහෙන් සියයට දහයක් විදියට රුපියල් පන් දාහක් වත් සර්ගෙන් ඉල්ලමුද කියල’’ සංවිධායක වරයකු කීමෙන් ආයතන ප‍්‍රධානියාට දෙවියන් සිහිවුනාලූ.