Monday, February 4, 2013

දන්තාලේප යැයි සිතාගෙන බාම්වලින් දත් මැදලා

ජීවිතයේ පළමු වරට බුරුසුවකින් දත් මැදීමේදී දන්තාලේප වෙනුවට බාම් වර්ගයක් භාවිත කළ පුද්ගලයකු පිළිබඳව දන්කොටුව ඇටියාවල,  ඕතර ප‍්‍රදේශයෙන් අසන්නට ලැබිණි.
සම්පූර්ණ සිදුවීම මෙසේය.
මෙම පුද්ගලයා පුරුද්දක් වශයෙන් දත් මැදීම කරන්නේ අඟුරු හෝ පේර කෝටුවකිනි. ඔහුට උසස් අධ්‍යාපනය ලබා උසස් රැකියාවක නිරත දියණියක් ද

සිටී. දිනක් ඇය පියාට පවසා ඇත්තේ තාත්තේ දැන් අඟුරුවලින්, පේරකෝටුවලින් දත් මදින කාලයක් නොවෙයි. තාත්තත් අපි වගේ බුරුසුවකින් දත් මදින්න පුරුදු වෙන්න. ඔන්න මම තාත්තාට බුරුසුවක් ගෙනාවා යනුවෙනි. දියණියගේ කීමට අනුව පසු දින බුරුසුවකින් දත් මැදීමට පටන්ගෙන සුළු වේලාවකින් මෙම පුද්ගලයා බෙරිහන්දී කෑ ගසා දුවේ ඉක්මනට වතුර එකක් අරන් වරෙන්. මට නම් බෑ බුරුසුවලින් දත් මදින්න. උඹලා දත් මදිද්දිත් මේ වගේ දනවද යනුවෙන් පවසා ඇත.
නෑ තාත්තේ අපේ නම් එහෙම වෙන්නේ නෑ. තාත්තා දත් මැද්දේ මොනවාගෙන්ද? ඔය කුස්සියේ මේසය උඩ තිබෙන ටියුබ් එකෙන් යැයි පවසා ඇත. දියණිය ගොස් පරීක්ෂා කර බැලීමේදී වැටහි ඇත්තේ අකුරු ශාස්ත‍්‍රය පිළිබඳව අවබෝධයක් නැති තම පියා පෙර දින තම මවගේ කකුලේ අමාරුවට ගාන්න ගෙනා බාම් එකෙන් දත් මැද ඇති බවයි.