Saturday, February 2, 2013

හැඩවෙන්න රූපලාවන්‍යාගාරයට ගියාම කතක් විදිහට ආපහු එන්න වෙලා

කියවමින් සිටි පුවත්පත පසෙක තබා ඔහු පුටුවේ වාඩි විය. කළු පැහැයෙන් යුතු නිල ඇඳුමෙන් සැරසී සිටි සේවිකාවක් ඔහුගේ දෙවුර වටා ආවරණයක් එතුවාය.
ෆුල් ක්ලීනප් එකක් දාන්න. බටහිර මෝස්තර නිරූපිකාවන්ගේ අලංකාර වූ රූපවලින් සැරසූ රූපලාවන්‍යාගාරයේ බිත්තිවල ඇති රූප දෙස බලමින් ඔහු එසේ කීවේය.
ඒ අනුව කාන්තාවක් මෙන් ගෙල වැහෙනසේ වවා තිබූ ඔහුගේ කොණ්ඩයේ කනට ඉහළින් ඇති කෙස් රොද වෙනම තෝරා එයට කළු පැහැයක් ආලේප

කළාය.
දෙවනුව සුදු පැහැති ක‍්‍රීම් වර්ගයක් දෙකම්මුල මත ආලේප කළාය. එය මඳ වේලාවකින් පිසදමා තවත් දියරයක් මුහුණේ ආලේපකොට පුටුවේ ඇන්ද තමාගේ පපු ප‍්‍රදේශය දක්වා පහත්වනසේ සකසා ගත්තේය. ඊළඟට ඇත්තේ ඇහි බැමි සැකසීමයි.
ඒ සඳහා අසල මේසයෙන් නූල් තුන් පොටක් ගෙන එකක් කටින් හපා ගත් ඇය අනෙක් දෙකෙළවර ඇහි බැමි මතින් ඇතිල්ලූවාය.
මෙසේ පැය භාගයකින් පමණ පසු දෙවුර වටා එතූ ආවරණය ඉවත් කළාය. හරි. ”වැඬේ ෆිනිෂ්”
එතෙක් වේලා පුටුවේ පහළට හැරවූ ඇන්ද මත හිස තබා සිටි ඔහු තමා ඉදිරියේ ඇති කණ්ණාඩිය දෙස බැලූවේය. ඈ මටවත් මා අඳුනගන්න බෑ නේ..... ඇයි මෙච්චර අයි බ්‍රෝ හීන් කළේ?
අනේ මිස්  ඕක තමයි දැන් ෆැෂන් එක රේන්බෝ හැඩය මිස්, කවුද මිස්? මම මිස්, කෙනෙක් නෙවේ. මිස්ට කෙනෙක් ඔහෙලගේ ඇස් පේන්නේ නැද්ද...
එසේ කියූ ඔහු ඉහළට ඔසවා සකසා තිබූ කෙස් රොද වලින් නළල වසාගෙන රූපලාවන්‍යාගාරයෙන් පිටව ගියේය.
ගෑනුන්ගේ මෝස්තර පිරිමිත් පිරිමින්ගේ මෝස්තර ගෑනුත් කරන්න ගියාම ඔහොම තමයි අයෙක් කීවේය.