Friday, February 1, 2013

මන්තී‍්‍රට දුරකථනයෙන් පොල් කඩන්න කතා කරලා

http://cdn.tharunaya.co.uk/deiyosakki/deiiyosakki.gifවත්තල පැත්තේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයකුගේ ජංගම දුරකථනය හිමිදිරි පාන්දර නාදවන්නට විය. ඒ වනවිට ඔහු සිටියේ  නාන කාමරයේය. නාදවන දුරකථනය රැුගෙන ඒ අසලට ආ බිරිය මෙන්න ඔයාට කෝල් එකක් යැයි කීවාය.
දෙවරක් කල්පනා කර බැලූ ඔහු කෝල් එක ගන්නේ නැතිව  ඉන්න යැයි කීවේ පසුව දුරකථනය අංකය බලා නැවත ඇමතීමට සිතාගනිමිනි.



විනාඩි කිහිපයකින් දුරකථනය ගෙන බැලූවිට ඇමතුම දුන් අයගේ අංකය එහි  සඳහන්ව තිබිණි. පෙරළා එම අංකයට ඇමැතුමක් ගත්තේය. පසුව ලැබුණු ඇමැතුමට  පිළිතුරු දුන් අය සඳහන් කළේ තමන් වැරදීමකින් මෙම අංකය ගෙන තිබුූ බවත් තමන්ට කතා කිරීමට අවශ්‍ය වුයේ වත්තේ පොල් කඩා ගැනීම සඳහා පොල් කඩන්නකුට බවත්ය.