Monday, February 4, 2013

පරීක්ෂණයට ඉල්ලූ මුත‍්‍ර ජෑම් බෝතලයකට දීලා

කොළඹ රෝහලකි. රෝගින්ගෙන් පිරුණු වාට්ටුවකි. රෝගින් රැුසකි. වෛද්‍යවරුන් ඇතුළු හෙද හෙදියෝ කඩිමෙන් දුවමින් කටයුතුවල නිරත වෙති.
මේ අතර සේවාවට අතරින් සිටින්නෝද වෙති. ඔවුන් රෝගීන් අසල නැවතී රෝගීන්ට උපස්ථාන කරන්නෝය.
ඇතැමෙක් රෝගීන්ගේ ඥාතීන්වන අතර ඇතැමෙක් කුලී පදනම මත රෝගීන් අසල සිටින්නෝය.
දුව පනිමින් රෝගීන් පිළිබඳව සොයා බලන වෛද්‍යවරුන් හා හෙදියන් අතර මොවුන්ද විටක

මහත් සේවයක් කරන බව බොහෝ අවස්ථාවල පිරිස කියනු ඇසෙති.
‘‘උදේ පාන්දර මුත‍්‍ර එකක් මේ කුප්පියට අරන් තියාගන්න’’ කුප්පියක් අතට දෙමින් රෝගියකු අසල සිටින හෙදියක පැවසුවාය. පසුදින උදෑසන විය.
‘‘මුත‍්‍රා ගත්තු අය දෙන්න’’
රාත‍්‍රී සේවා මුරය අවසන් කිරීමට මත්තෙන් උදෑසන වාට්ටුව කරා පැමිණි හෙදියක සිහින් හඬින් පවසමින් එක් එක් රෝගීන් අසලට ගියාය.
රෝගීන් අසල සිටිය අය තම තමන්ගේ රෝගියා නියෝජනය කරමින් මුත‍්‍රා කුප්පි හෙදියට දුන්නේය.
මේ අතරින් එක් පුද්ගලයෙක් ”අනේ මිසී ඒ කුප්පිය මදි වුණා. මගේ ලෙඩාගේ හැටියට මෙන්න මිසී මේකට ගත්තා කමක් නැද්ද” යැයි කියමින් මුත‍්‍රා පිරවූ විශාල ජෑම් බෝතලයක් හෙදිය දෙසට දිගු කළේය.
”චට්නි හදන්න නොවෙයි මුත‍්‍ර ඉල්ලූවේ ඔහේගේ ඔය ලෙඩාගේ ලෙඩක් හොයා ගන්නයි”
”කාගෙන් හරි අහන්න එපායැ” රෝගියෙක් අසල නැවතී සිටි තවත් පුද්ගලයෙක් හෙදිය දෙසද බලමින් කීය.